දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වර්තමානයේ ප්‍රබල සමාජ ගැටළුක් බවට පත්වී ඇත. දරුවන් ඉන් මුදවා ගැනීම හා ඔවුන් ඊට පෙළඹීම වැලැක්වීම සඳහා දරුවන් දැනුවත් කිරීමට අවශ්‍ය කුසලතා ලබා දීමේ වැඩසටහනක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සම්පත්දායකත්වය ලබා ගනිමින් 2023.04.20 වන දින බස්නාහිර පළාතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී/ ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාරවරුන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
මත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් පෙළඹීම වැළැක්වීම සම්බන්ධයෙන් නිලධාරීන්ට අවශ්‍ය කරන න්‍යායාත්මක දැනුම හා අවබෝධය ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් ලබාදීම මෙම වැඩසටහන මගින් සිදු කරන ලදී. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නියෝජ්‍ය කොමසාරිස්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ හා බස්නාහිර පළාතේ සියලු ම ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී/ ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාරවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා ද අනුග්‍රහය සෙයිරි ආයතනය විසින් ද දක්වන ලදී.
මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම...
21 04 2023 - 10:00 AM
බන්ධනාගාරගත ළමා සැකකරුවන් හා ළමා...
18 04 2023 - 10:00 AM
උච්චමුණි ගම්මානයේ දරුවන්ගේ...
06 04 2023 - 10:00 AM
උච්චමුණි ගම්මානයේ දරුවන්ගේ...
06 04 2023 - 10:00 AM