පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




බන්ධනාගාරගත ළමා සැකකරුවන් හා ළමා වරදකරුවන් සම්බන්ධ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාව

18 04 2023 - 10:00 AM

බන්ධානාගාරවල රඳවා සිටිනු ලබන වයස අවුරුදු 16-18 අතර ළමා සැකකරුවන් හා ළමා වරදකරුවන් සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධ සාකච්ඡාවක් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ අනෙකුත් අදාළ රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ 2023.04.18 වන දින අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් යමුනා පෙරේරා මහත්මිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි නිර්මලී පෙරේරා මහත්මිය, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(නීති) චන්දිමා වැලිකල මහත්මිය, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභා‌වේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) නීතිඥ තුෂාරි සකුන්තලා මහත්මිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජේලර් පුෂ්පකුමාර මහතා හා යුනිසෙෆ් සංවිධානයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk